Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හමුවු කොවිඩ් පොකුරු

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාදුක්ක ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 121කින් 120 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කහංගම මහතා සඳහන් කර සිටියේ, ඊයේ දිනයේ දී අදාළ පීසීආර් පරීක්ෂණ සිදුකළ බවය.

එහිදී පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින්, රෝහල සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 121න් 120ක් ම කොවිඩ් රෝගීන් බවට තහවුරු වුණා. මේ තුළින් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා මේ දිනවල විශේෂයෙන්ම වැඩිහිටියන් ට උණ ඇති ව හෝ නොමැතිව ශ්වසන රෝග ලක්ෂණ තිබේ නම් ඒ අය බොහෝදුරට කොවිඩ් රෝගයෙන් පෙළෙන අය විය හැකි බවය. එම නිසා එවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් දැනට ඉන්නවා නම් ඒ අය පීසීආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුවෙලා රෝග තත්ත්වය තහවුරු කරගැනීමක් කර ගන්නවා වගේම එවැනි අය ස්වයං නිරෝධායනයට ලක්ව සිටීම යහපත්.”

මේ අතර, හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ 230 දෙනෙකු සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 45 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊයේ සහ පෙරේදා දිනයන් හි කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජා-ඇළ බටුවත්ත ආදාහනාගාරයේ සේවකයින් 10 දෙනාගෙන් 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ හේතුවෙන් අද රැගෙන ආ කොවිඩ් මෘතදේහයක අවසන් කටයුතු සිදුකිරීම සඳහා ප්‍රාදේශීය සභාව මගින් යොදවා තිබුණේ එහි වෙනත් සුළු සේවකයින් පිරිසකි.

ඔබේ අදහස