හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම තීරණය ගෙන තිබුණි.
ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්රකාශනය සඳුදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතව තිබේ.
මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමාකර තිබේ.
මේ අතර පාරිභෝගික කටයුතු සංශෝධන පනත අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බවය.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.
අද දිනයේ දී පාර්ලිමේන්තුවේ සේවකයින් සහ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහා ද එම පරීක්ෂණවලට යොමු විය හැකි බව වර්තා වේ.