එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ රතු කැකුළු සහල් කිලෝව රුපියල් 89 බැගින් වූ සහන මිලකට ලබා දීමේ වැඩපිළිවෙල අද (15) සිට සතොස වෙළෙඳසැල් තුළ ක්‍රියාත්මක වන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ විවෘත වෙළෙඳපොළේ පාරිභෝගික ජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා සතොස මගින් ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අඩුකර ඇති බැවින් ඊට සමගාමීව මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.