පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවති කොවිඩ් වසංගත තත්වය හේතුව මත හෙට (01) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටින්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.