කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම හා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසියාකාරව අනුගමනය නොකළහොත් ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.
ඒ මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් රෝගීන් වැඩිවෙන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය පාලනය නොකරන බවට චෝදනා එල්ලවන බවත්, මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ත්‍රිවිධ හමුදාවට පාලනය කළ හැකි දෙයක් නොවන බවත්ය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.
“රටේ ජනගහණය වන මිලියන 22ක් මිනිස්සු පස්සෙන් ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. මේ සෞඛ්‍ය පුරුදු ජනතාව අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. එහෙම නැත්නම් අපිට සිද්ධවෙන්වා නීතිරීති දැඩිකරන්න. අපි එතැනට යන්න බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා කරුණිකව ඉල්ලා සිටිනවා මේ නීති රීති දැඩිලෙස අනුගමනය කරන්න කියලා. නැත්නම් අපිට අකමැත්තෙන් උනත් දැඩි තීරණ ගන්න වෙනවා.“