සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය  අත්අඩංගුවට ගත්තේය.

රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව අද උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *