සේවිකාවකගේ අලුත උපන් බිළිඳා ඝාතනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට…

2017 වසරේ තම ගෘහ සේවිකාවක් ප්‍රසූත කිරීමෙන් පසු බිළිඳෙකු ඝාතනය කර සිරුර ළිඳකට දැමීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහනුවර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2017 වසරේ මඩකලපුව ප්‍රදේශයේ ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් හමුවීමත් සමඟ මඩකලපුව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයකින් පසු සයින්දමරුදු කල් යාණ පාරේ පදිංචි 36 හැවිරිදි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය වන විට සැකකාර වෛද්‍යවරයා සිය බිරිඳ සමඟ මඩකලපුව උඩුමල පාරේ කුලී නිවසක කුලී නිවසක පදිංචිව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ එම වෛද්‍යවරයාගේ නිවසේ සේවය කළ සේවිකාව විසින් නිවසේදී ප්‍රසූත කළ බිළිඳා හුස්ම හිරකර දැමීම සම්බන්ධයෙන්ය.

සැකකරු අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *