සූරියවැව වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු සූරියවැව වැවේගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු අද අලුයම සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ සැකකවකු වන ශ්‍රී සංඝමිත්තා මාවත , මුංහේන , මග්ගොන ලිපිනයේ පදිංචි හෙට්ටිතන්ත්‍රිගේ දොන් කෝසල නැමති 24 හැවිරිදි පුද්ගලයෙකි.

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු සූරියවැව වැවේගම ප්‍රදේශයේ පාලු ස්ථානයක පිහිටි නිවසක සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම ගාල්ල අපරාධ කොට්ඨාසයට අයත් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරු විසින් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායාමට උත්සාහ කර තිබේ.

එහිදී විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ද ප්‍රථිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී සකකරුද වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පසුව දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් සැකකරු හා විශේෂ කාර්‍ය බළකා නිළධාරියකුද තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *