සුළඟ වැස්ස වාර 30,000ක් ලයිට් කපලා

මේ දිනවල පවතින වැහිබර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා   විදුලිය බිඳ වැටීම් තිස්දහසක් පමණ සිදුව ඇතැයි විදුලි  බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.

විදුලිය බිඳ වැටීම් බොහොමයක් සිදුවී ඇතැයි පැවසෙන්නේ  විශාල ප්‍රමාණයේ  ගස් කඩා වැටීම හේතුවෙනි.

මේ අතර විදුලියේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීමේ  කිසියම් ප්‍රමාදයක් මතුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *