සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයකු රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා සමාගමකට විකුණා රුපියල් පන් ලක්ෂ තිස්පන් දහසක් ලබාගෙන ඇති බව සෙවණගල පොලිසිය කළ පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත.

මැෂින් දෙක ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවැසීය.

සෙවණගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.

මේ පිළිබඳව සෙවණගල සීනි සමාගමේ නිලධාරින් පැවැසුවේ ඔහු පිළිබඳව සමාගම වෙනම පරීක්ෂණයක් පවත්වන බවයි.

වෘත්තීය සමිති නායකයාගේ වැඩ තහනම් කර ඇතැයිද ඔවුහු පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *