සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.
දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.
මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.
එසේවුවත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් තහනමක් නොවන අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ.
එවන් තත්ත්වයක් තුළ රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව, අද දහවල් විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.