සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්න ලැබීමේ ප්‍රමාදයක් පවතින බව සංගමයේ ලේකම් ශාන්ත ද සිල්වා මහතා පැවසීය.

අද වන විට සංස්ථාව විසින් දිනකට බෙදනු ලබන්නේ පෙට‍්‍රල් මෙට්ට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් පමණක් බවද එ් අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත වැනි කටයුතු සඳහා නිකුත් කරන ප්‍රමාණය ද ඇතුළත්ව බව ද ඔහු පැවසීය.

මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේ සිට සිට ඉන්ධන ගෙන්වීමට මුදල් නැති බවත් අගෝස්තු මාසයේදීද මුදල් නොමැති බවත්ය.

මේ හේතුවෙන් විවිධ ක්‍රම ඔස්සේ දැනට තිබෙන තොග හැකිතාක් උපරිම කාල සීමාවක් භාවිතා කිරීමට රජය අදහස් කර සිටින බවද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *