LK reports news sinhala

සාෆි නිසා පොලිස් මාරුවක් : මාරුව යළි මාරුවෙයි

කුරුණෑගල දිසාභාර  නියෝජ්‍ය පොලිස්පති  කිත්සිරි ජයලත්  සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ   ස්ථානමාරුවීම්  අවලංගු කිරීමට තීරණය කළ බව  ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවසයි.

මෙම ස්ථාන මාරුවීම් වලින්  ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති  වේ යැයි   මෙම තීරණය ගෙන තිබේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  ත්‍රිකුණාමලයට සහ මහින්ද දිසානායක මහතා කිලිනෝච්චියට  ස්ථාන මාරු කිරීමට  අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.

මෙම නිලධාරීන්  කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල  ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට  බාධා ඇති වේ යැයි පවසමින්  වැඩබලන පොලිස්පතිවරයා  විසින් පසුගිය 27 වැනිදා  කළ ඉල්ලීමක් අනුව  මෙම ස්ථාන මාරුවීම්  ලබා දීමට තීරණය කර තිබී ඇත.

(උපුටා ගැනීම – ලංකාදීිප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *