LK reports news sinhala

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද(3) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදී ඇතැයි වාර්තා වේ.

පසුගිය ආණ්ඩුකාරවරුන් මාරු කිරීමේදී මෛත්‍රී ගුණරත්න මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය පිරිනමනු ලැබීය. එසේ පත්වීම් බාරගත් ආණ්ඩුකාරවරුන් අතරින් දෙදෙනකු මේ වනවිට ඉල්ලා අස්වී ඇති අතර මෛත්‍රී ගුණරත්න මහතාට පෙර ඌව ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට බාර දුන්නේය.

(Image – dailymirror.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *