සාකච්ඡාවෙන් අනතුරුව ග්‍රාමසේවක වර්ජනය වෙනස්වේ

අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමේ රාජකාරී කටයුතු වලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට එම සංගමය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඊයේ (17) සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව රාජකාරීවලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට තීරණය කළ බවත් ඒ අනුව අඩුආදායම්ලාභීන්ට රජයෙන් ලබාදෙන රුපියල් 5,000 ක දීමනාව නියමිත පරිදි ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද එම සංගමය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *