සහල් ආනයනයට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස පාර්ශව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කළේ සහල් ආනයනය මගින් වාසි ලබාගැනීමට බලා සිටින නිලධාරීන් කිහිපදෙනෙකුදැයි සැක මතුවන බවය.
ආරක්ෂිත තොගයක් ලෙස සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ද විරෝධය පළ කරයි.
එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ රට තුළ විශාල අතිරික්ත වී තොගයක් පවතින බවය.
රට තුළ පවතින වී තොග කළමනාකරණය කර සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.