පසුගිය 2019 වර්ෂයේ ඒල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (31) දිනයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඉන් එක් සැකකරුවකු විසින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙක් වන අතර, අනෙක් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වේ.
මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන්.