LK reports news sinhala

සහරාන්ගේ ඥාති සොයුරෙක් පොලිසියට හසුවෙයි

ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් සමග අවි පුහුණුව ලැබූ ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් කටුපොතදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු සහරාන් සමග නුවරඑළියේදී අවි ආයුධ පුහුණුවීම්වලට මෙන්ම දේශනවලට ද සහභාගී වී ඇති බව හෙළි වී ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුගේ ඥාතියකු වන මවුලවිවරයකුද මීට පෙර ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මේ අතර සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු බෝම්බ අත්හදා බැලීමකට ගොස්  අනතුරකට ලක් වූ අවස්ථාවේ ඔහුට ප්‍රතිකාර කරමින් එහි තොරතුරු සඟවා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු බවට පාහියංගල ආනන්ද සාගර හිමියෝ අද මාධ්‍ය හමුවේ අනාවරණ කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *