අධ්‍යාපනයේ කැත වැඩක් හෙළිවෙයි

පාසල් පෙළපොත්වලට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකරමින් අමතර වියදමක් සිදුකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවමක් ලබාදී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් රජයේ වංචා, දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කර ඇති බව ද  මෙම ස්ථාන මාරුවීම අවලංගු නොකළහොත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් ඒකාබද්ධ කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

සැපයුම් අධ්‍යක්‍ෂවරයා අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධාරියකු බවත්, ඔහු මේ වනවිට කාර්යභාරයක් නොමැති නිලධාරියෙකු බවට පත්කර ඇති බවත් වාර්තා වේ.

අධ්‍යාපන ඇමැතිවරයා සිය අමාත්‍යංශයේ වංචා, දූෂණ පිළිබඳ සාක්ෂි ලබාදෙන නිලධාරින් දඩයම් කිරීම හරහා ගැටලු රැසක් නිර්මාණය වන බවත් ලේකම්වරයා පැවසීය.
අදාළ නිලධාරියාගේ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.

(උපුටා ගැනීම – gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *