බෝතලේට ස්ටිකරයක්

ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ගවල අලුතින් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත. අදාළ ස්ටිකරය සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදී ඇත.

මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් වන අතර 2019 ජූලි 20 වැනිදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශ මත්පැන් සඳහා ද ඉදිරියේ දී දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් හා දේශීය මත්පැන්ද ස්ටිකර් සහිතව අලෙවි කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම නව නීතිය මගින් නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් පාරිභෝගිකයා අතට පත්වීමද වැළැක්වීමට කටයුතු යොදා ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති මත්පැන් මත අලවන ස්ටිකරයේ සත්‍යතාවය පාරිභෝගික ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ජංගම දුරකථන සඳහා වන යෙදවුමක් (APP) ලෙස ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දීමට ද  නියමිතය.

මෙම ස්ටිකර් වර්ගය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කර මෙරටට ආනයනය කරයි.

(උපුටා ගැනීම – අද දෙරණ/ Image – Fast News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *