පාස්කු ඉරුදින එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවේ මොළකරු ලෙස හැදින්වෙන සහරාන් හෂීම්ගේ ඉස්ලාමීය අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වූ මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ඊයේ (19) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගනු ලැබු බවයි.
අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ සහරාන් විසින් කාන්තාවක් පිරිසකටද අන්තවාදී පුහුණුව ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමගම පසුගිය දෙසැම්බර් මස 7 වැන දින වනවිට එවැනි කාන්තාවන් 6 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු බවයි.