සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් අද අලුයම දිවයිනට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ඒ සමඟ මෙරටට හිමිවූ මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

මේ අතර කොළඹ නගර සීමාව තුළ මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 30 ඉක්මවු පුද්ගලයින්ට  සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයට පැමිණ අද දිනයේ ද එන්නත ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දිවයිනේ ස්ථාන කිහිපයක දී අද දිනයේ දී ද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *