Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් නිකුත් කෙරේ

FILE PHOTO: The company logo of Sinopec Corp is displayed at a gas station in Hong Kong August 26, 2008. REUTERS/Bobby Yip
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 447කි.

එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458කි.

මේ අතර එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිලේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

සයිනොපෙක් සමාගම 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් 368ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360කි.

ඔබේ අදහස