සයිටම් සිසුන් 82කට ශ්‍රේෂ්ඨාධිකරණය පිහිට වෙයි

මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 82ක් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් සයිටම්  උපාධිධාරීන් තිදෙනකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන්  වෛද්‍ය වෘත්තීය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝණයක් සිදුකර ඇති බවයි.

අදාළ උපාධිධාරීන් සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ‍විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට නි‍යෝග කර ඇත.

(උපුටා ගැනීම – ලංකාදීප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *