පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට යැයි කියමින් පසුගියදා කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු 4 දෙනකු අද(29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ අතර ත්‍රස්තවාදීන් සමග සබදතා ඇතැයි චෝදනා එල්ලවූ රිෂාඩ් බදියුදීන් ද වේ. රවුෆ් හකීම්, අමීර් අලී හා අබ්දුල්ලා මහරුෆ් ද ඔවුන් පෙර සිටි අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.
මේ අතර රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය යළි පාර්ලිමේන්තුවට ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කර ඇත.
2019-07-29