සඳුදා සිට ලාෆ් ගෑස්

ලබන සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය.

මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මාබිම පිහිටි ලාෆ්ස් ගෑස් පිරවුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *