සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකුට ප්‍රහාරයක්.

ප්‍රමුඛ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින කාන්තාවක් තම ජංගම දුරකථනයෙන් ආබාධිත අලියෙකුට අයුතු ලෙස සලකන ආකාරය රූගත කරමින් සිටියදී ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ජුලි 8 වැනිදා මාලඹේ පැවති පැවිදි පෙරහැරකට (පෙජනාවකට) සහභාගි වෙමින් සිටියදී පංචාලි පනාපිටිය විසින් ඇතා වීඩියෝ කරමින් සිට ඇත.

පනාපිටිය ඩේලි මිරර් වෙත ප්‍රකාශ කළේ කණ්ඩුල නමැති ඇතා ආබාධිත තත්ත්වයක තිබියදී මෙම උත්සවයට සහභාගි වීමට බල කළ බවයි.

වයස අවුරුදු 40ක් පමණ වන ඇතාට සිදුවන අකටයුතුකම් දුටු තමන් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමට පටන් ගත් බවද ඇය පැවසුවාය.

ඇය වීඩියෝ දර්ශන ගන්නා අයුරු දුටු ඇත්ගොව්වා ඇය අසලට පැමිණ දුරකථනය ගෙන බිම විසි කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලිසියට පැමිණිල්ලක් කළ බව පනාපිටිය ප්‍රකාශ කළේය.

මාලඹේ – අතුරුගිරිය පාරේ පිහිටි සුසිලාරාම විහාරස්ථානයට අනුබද්ධ සාමණේර හිමිනමකගේ පැවිදි උත්සවයක් සඳහා මෙම ආබාධිත ඇතා යොදා ගනිමින් සිටි බවයි ක්‍රියාකාරිකයෙකු සඳහන් කළේ.

අලි ජාවාරම්කරුවෙකු යැයි කියනු ලබන අලි රොෂාන් නැමැත්තා භාරයේ සිටින බවට විශ්වාස කරන බව ද ඇය කියා සිටියා.

අදාළ නිෂ්කාශන ලියකියවිලි කණ්ඩුල සතුව නොමැති බව විශ්වාස කෙරේ.

පනාපිටිය ඩේලි මිරර් වෙත කියා සිටියේ සංස්කෘතික උත්සව පැවැත්විය යුතු නමුත් සත්ව හිංසාවකින් තොරව පැවැත්විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *