සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බොල්ලතේ කුමාර අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අජන්ත රෝහණ චන්ද්‍රකුමාර නොහොත් බොල්ලතේ කුමාර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව හෙරොයින් ග‍්‍රෑම් 2 ක්ද තිබී ඇත.

මංකොල්ලකෑම් රැසකට සහ වෙඩි තැබීමේ සිද්ධියකට මෙන්ම පහරදීම් රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන මොහු දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවගේ සමීපතමයෙකු බවද අනාවරණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *