සංචරණ සීමා මඟහැර කොළඹට එන වාහාන හැසිරවීමට නව ක්‍රමවේදයක්

සංචරණ සීමා පනවා තිබියදීත් කොළඹට රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය කිරීම සහ එම රථවාහන විධිමත්ව පරික්ෂාවට ලක්කිරීම සඳහා පොලිසිය අද  නව ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව කොළඹට අතුළුවන ප්‍රධාන පිවිසුම් ස්ථාන 56 කදි අද පෙරවරු 6.30 සිට රථවාහන වෙන්කර දැඩි පරික්ෂාවකට ලක්කිරීම සිදුකළ අතර පරික්ෂාවට ලක්කෙරුණු රථවාහන හඳුනාගැනීමට ස්ටිකරයක් ඇලවීමද සිදුකළේය.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ඉකුත් මැයි මස 29 වන සෙනසුරාදා දැඩි කරනු ලැබීය.

එසේ සංචරණ සීමා දැඩි කරනු ලැබුවද ගෙවී ගිය දින දෙක තුළ කොළඹට පැමිණෙන රථවාහනවල විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවිය.

පොලිසිය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිත කරමින් බොහෝ පිරිසක් සංචරණ සීමා කඩකරමින් කොළඹට ඇතුළුවීම මෙම මාර්ග තදබදයට හේතුවූ බවය.

මෙම නව ක්‍රමවේදයට අනුව රථවාහන පරික්ෂාවට ලක්කිරීම හේතුවෙන් කොළඹට ඇතුළුවන ස්ථානවල අද පෙරවරුවේ සිටම දක්නට ලැබුණේ දැඩි
මාර්ග තදබදයකි.

මේ අතර, ගතවු පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතින් කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,038 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *