රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයකට ලක්වනතුරු ඉදිරි මාස දෙක තුළ හැකි තරම් සංචරණය සීමා කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපතිනී වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ පොදු ප්‍රවාහනයේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවය.
මුව ආවරණ පැලදීම අත්‍යාවශ්‍ය බවත් බස් රථවලින් ගමන් ගන්නා පිරිස විශේෂයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.