ශිරාන්ති සති දෙකක් කල් ඉල්ලයි

පෞද්ගලික හේතුවක් මත අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඊයේ (27) දින පෙනී සිටීමට නොහැකි බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලිපියක් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිට ඇති බවත් එම ලිපියේ සඳහන්වේ.

ශිරන් ති  රාජපක්ෂ  මහත්මියට   අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ  අද දින පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුම් දී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *