අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අද (19) පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිසම් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.
ශානි අබේසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ වනාතවිල්ලූව ප්රදේශයේ තිබී අවි ආයුධ තොගයක්ද සොයා ගැණුනා.
පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ කාලය ජනවාරි – 31 වැනිදා අවසන් වීමට නියමිත බැවින් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවසන් සාක්ෂිකරු ද ශානි අබේසේකර මහතා විය හැකි බවයි.