ශ්‍රී ලංකා පොලිසියට තවත් පාපැදි ලබාදෙයි

බස්නාහිර පළාතේ තෝරාගත් පොලිස් නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පාපැදි නිකුත් කර ඇත.

පොලිස් පරිසර ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් වෙත මෙම පාපැදි බෙදා දී ඇත.

මහජනතාවට අවශ්‍ය පරිසර ආරක්‍ෂාව සැලසීම, නගර ප්‍රතිනිර්මාණය කිරීම, මහජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම ඇතුළු විවිධ රාජකාරිවල නිලධාරීන්ට කඩිනමින් නිරත වීමට හැකිවන පරිදි මෙම බෙදා හැරීම සිදු කර ඇත.

කළුතර, පානදුර, ගම්පහ සහ මීගමුව යන ප්‍රදේශවලින් පොලිස් සේවයට බඳවාගෙන ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 357 කි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔවුන්ට පාපැදි ප්‍රදානය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *