LK reports news sinhala

ශ්‍රී ලංකා පිතිකරුවෝ අණසක පතුරුවති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරග‍යේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක නිරතවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක් රැස් කළේය. ඊට අගනා සහායක් දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ද වේගවත් පිතිහරඹයක නිරතවූ දසුන් ශානක පන්දු 14කින් ලකුණු 30ක් ද රැස් කළහ.

බංග්ලාදේශයේ ශයිෆුල් ඉස්ලාම් කඩුලු 3ක් දවා ගත් අතර තරගාවලියේ ජය මේ වනවිටත් 2-0ක් ලෙස ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. අද තරගය පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නුවන් කුලසේකර වෙනුවෙන් නම් කර ඇත.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *