LK reports news sinhala

බංග්ලාදේශයට අන්ත පරාජයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තුන්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 122 ක දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

වසර 4 කට පසු ලද මෙම පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට සිය මව්බිමේ පැවැති එක්දින තරගාවලියකදී සියලුම තරග ජය ගැනීමට සමත්ව ඇත්තේ 2015 වසරේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදීය. තරග 3 කින් සමන්විතවූ එම තරගාවලියේදී 3-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර  ඉන් පසු මෙරටදී පැවැති කිසිම එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත් වූයේ නැත.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා ගත් අතර බංග්ලාදේශයට පන්දුවාර 36කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 172ක් පමණි.

තරගයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් දසුන් ශානක කඩුලු 3ක් බිඳ හෙළූ අතර තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද තරග 3දීම පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවිය.

මේ අතර ජාත්‍යන්තර පිටියෙන් සමුගත් නුවන් කුලසේකර වෙනුවෙන් මෙම තරගය නම්කර තිබූ අතර තරගය අවසානයේ ඔහු වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.

(Image – Sri Lanka Cricket)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *