LK reports news sinhala

ශ්‍රීලනිප සහාය ගෝඨාට දෙන බව අමුණුගම කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපුආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකානිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින්තීරණය කරන ලද බව එම පක්‍ෂපාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත්අමුණුගම මහතා සඳහන් කරයි.

එම තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂමහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්ශ්‍රීලනිපය සහයෝගය ලබාදෙන බව දඔහු පවසා ඇතැයි ජාතික පුවත්පත් අද(13) වාර්තා කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැතැයිදඑක්සත් ජාතික පක්ෂ විරෝධීන්අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන්පක්ෂය කැපවන බවද අමුණුගම මහතා පවසා ඇති අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහාය නොදෙන බවට ඇතැමුන්කරන ප්‍රකාශ නොතැකිය යුතු බවත් ඒවාඔවුන්ගේ පුද්ගලික මත බවත් පක්‍ෂයක්ලෙස මධ්‍යම කාරක සභාව රාජපක්ෂමහතාට සහාය දීමට තීරණය කළ බවත්ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(උපුටා ගැනීම – විගස පුවත් / Image – Daily mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *