ශ්‍රි ලංකාවේ 35වන පොලිස්පතිවරයා සි.ඩි.වික්‍රමරත්න මහතා අද දින සිය වැඩ බාර ගැනීමට නියමිතය.
එතුමා ආධුනික පොලිස් සහකාර නිළධාරියකු ලෙස 1986දී පොලිස් සේවයට එක්ව ඇති අතර ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ BSc උපාධිධාරියෙක්ද කොතලාවල විද්‍යා පීඨයේ MSc උපාධිධාරියෙක්ද වේ. තවද ඔහු බ්රැඩ්ෆොර්වඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇති විද්වතෙකි.
වසර 34ක කාලයක් පොලිස් සේවයේ නිරත ඔහු පසුගිය පාස්කු ප්‍රහාරයේ සිට මේ දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස තම රාජකාරිය අකුරටම ඉටුකිරීමට පසුබට නොවීය.