රටේ පවතින ආර්ථික අර්බුදය වැරදි ලෙස හසුරුවා ගැනීමට තමා ඇතුළු ආණ්ඩුවේ කිහිප දෙනෙකු වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා බදාදා (15) රාත්‍රියේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.
මූල්‍ය අක්‍රමිකතා සහ ආර්ථිකයේ අයහපත් කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එකඟ වන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්. තමන් එම තීන්දුව පිළිනොගන්නා බවත්, අවස්ථාව ලැබුණු විට ඊට හේතුව පැහැදිලි කරන බවත් ඔහු අවධාරණය කළේය.
මීළඟ පක්‍ෂ සම්මේලනය අති උත්කර්ෂවත් ලෙස පවත්වන බවත් එය මැතිවරණ මට්ටමින් සියලුම දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි සංවිධානය කිරීමට දැන් කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.