චීනයේ Hangzhou හි පැවැත්වෙන සිව්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.
ප්‍රදීප් සෝමසිරි පිරිමි මීටර් 1,500, ටී 46 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ විනාඩි 4:05.14 ක කාලයක් වාර්තා කරමිනි.
මේ අතර, ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික පිරිමි මීටර් 100 T44 ඉසව්වේ පළමු ස්ථානයට හිමිකම් කියන්නට සමත් වූයේ 11.63ක කාලයක් වාර්තා කරමිනි.
මලල ක්‍රීඩා, දුනු විදීම්, බැඩ්මින්ටන්, බල එසවීම, ඔරු පැදීම, පිහිනුම්, මේස පන්දු, සහ රෝද පුටු ටෙනිස් ඇතුළු ක්‍රීඩා අටක් සඳහා දැනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙක් ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරති.