Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වෛද්‍යවරුන්ගෙන් නොවැම්බර් 10 කොළඹදී දැවැන්ත විරෝධයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික අසාධාරණයන්ට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්, එළඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.

එම සංගමයේ නිල ෆේස්බුක් (Facebook) ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, නොවැම්බර් 10 වැනි දින දහවල් 12.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

වෛද්‍යවරුන්ගේ කප්පාදු කරන ලද දීමනා යළි ලබාදීම ඇතුළු මූල්‍යමය හා වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

ඔබේ අදහස