මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු සියල්ලකින්ම ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයින පුරා වී වගාව ආශ්‍රිතව සිදු කරන ලද ගවේෂණ මගින් හෙළිදරව් වී ඇති තොරතුරු අනුව ඉතාමත් සාර්ථක වී අස්වැන්නක් ලබා ගත හැකි බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මේ වනවිට අස්වැන්න නෙලමින් පවතින අතර පසුගිය මාස කිහිපයේ පැවැති වර්ෂාව සහිත කාලගුණය වී වගාව සාර්ථක වීමට බෙහෙවින් බලපා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ කුඹුරු අක්කර ලක්ෂයක් පමණ වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානියට පත් වුවද එම කුඹුරු ද නැවතත් වගා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
මේ අතර වී වගාව ආශ්‍රිතව ගොයම් කහවීමේ රෝගයක් පැතිර යන බවට පළවූ වාර්තා පිළිබඳව විමර්ශනය සඳහා බතලගොඩ වී පර්යේෂණායතනය කළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ දිලීරයක් හෝ වෙනත් කෘමි හානියක් නිසා ඇති වූවක් නොව බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර නොයෙදීම නිසා පෝෂණ ඌණතාවක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවයි.