LK reports news sinhala

විස්සයි20 ප්‍රවේශපත් අළෙවි කර අවසන්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකේ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බවත් ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ  (18)  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ද වසා ඇති බැවින් එම කවුළු වෙත පැමිණ අපහසුතාවට පත්නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දඹුල්ලේදී පැවැති දෙරට අතර පළමු විස්සයි20 තරගය ප්‍රේක්‍ෂකයන් 18,000 ක් පමණ නැරඹූ බවත් දෙවැනි තරගය අද(19) ද, තෙවැනි තරගය 21 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *