වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හැරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය.
අජිත් ප්‍රසන්න මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ළමුන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව මතයි.
අජිත් ප්‍රසන්න මහතා ගොනු කර තිබු අභියාචනයක් සලකා බලමින් දේවිකා අබේරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප 02 ක් මත සැකකරු මුදා හරින්නැයි නියෝග කර තිබේ.