විභාග අයදුම්පත්‍ර කාලය දීර්ඝ කරන්න- ගුරු විදුහල්පති සංගම්

සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදුනොකරන බවත් රජය එම කාලය දිර්ඝ කිරීමට කටයුතු කළයුතු බවත් ගුරු හා විදුහල්පති සංගම් පවසති.

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණ කරයැවීමේ අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදා, එනම් හෙට දිනයයි.

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ද ඉවත්වුණි.

මෙවන් පසුබිමක ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙටින් අවසන්වීමට නියමිතව තිබේ.

එහෙත් තම ඉල්ලීම් ඉටු වනතුරු එම කටයුතු සිදු නොකරන බව වෘත්තිය සංගම් පවසා ඇත.

කෙසේවෙතත් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කරන්නේද නැතිනම් වෙනත් විකල්ප පියවරක් ගන්නේද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අද (14) පස්වරුව වන තෙක්ම කිසිඳු තීරණයක් ගෙන නොතිබුණි.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සිසුන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙමින් තීරණ ගන්නා ලෙස ගුරු සංගම්වලින් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *