විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් යෝජනා කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

මේ අතර, පහළ අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන්ද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වෙනස්කම් යෝජනා කර තිබේ.

අධිකරණ නිලධාරීන්ගේ හිඟය විසඳීම සහ මෙරට අධිකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල අරමුණ බව රජය පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක් ඇතුළත මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට අවස්ථාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *