විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට විරෝධය පළ කර තිබේ.
යෝජිත නීති මගින් “ප්රජාතන්ත්රවාදයේ මරණය” සනිටුහන් වන බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කළහ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කරුණු විමසීම් සහ විරෝධතා කිහිපයක් ඉදිරිපත් කර ඇත.


