විධායකයට ඡන්ද කල්දාන්න බලයක් දීලා නෑ – නාමල්

ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් දීලා නැති බවත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා කැලණි  විහාරය වැදපුදා ගැනීමට පැමිණි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත එසේ පැවසීය.

ව්‍යවස්තානුකූලව ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය වීම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම බවත් ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට  ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට බලය තිබෙන බවත් ඒ මහතා කීය.

කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කලත් කලබල  නොවිය යුතු මෙන්ම සියළු දෙනා ව්‍යවස්ථාව විශ්වාස කළ යුතු බව කී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ අරගල කලෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින් රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත් කළේ ව්‍යවස්ථානුකූලව බව ද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *