විදෙස්ගත වන්නේ නම් එන්නත් කළ බවට සහතිකය ලබා ගන්නා අයුරු

විදෙස්ගතවීමට අපේක්‍ෂා කරණ  පුද්ගලයින්ට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් Online ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කළේ එම පහසුකම දැන් ලබාගත හැකි බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබාගැනීම සඳහා covid-19.health.gov.lk/certificate  ලින්ක් එකට පිවිසිය යුතුය.

අනතුරුව ජාතික හැඳුනුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පතේ විස්තර, විදේශගමන් විස්තර  සාක්ෂි සහ අදාළ  පුද්ගලික දත්ත ඇතුළත් කළ යුතුය.

අදාළ  විස්තර  සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ PDF පිටපතක් ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකිවේ.
එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකිය.

මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත පුද්ගලිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *