Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

’’වැලිවිට සුද්දා’’ අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෙරට ප්‍රධාන පෙළෙහි මත් ජාවරාම්කාර ලැයිස්තු ගත පුද්ගලයකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් ’’වැලිවිට සුද්දා’’  නැමැත්තා හොරොයින් සමඟ  අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්අතුරින් ලැයිස්තු ගත සැකකරුවන් සියලුදෙනා අත් අඩංගුවට ගැනීමටහැකිව තිබුනත් මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා අත් අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බවද පොලිසිය පවසයි

අත් අඩංගුවට ගත් සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගැනීම සදහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ අදහස