වැලිකඩ බන්ධනාගාරයට ජංගම දුරකථන සහ දුරකථන බැටරි රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයා කොටු වේ

වැලිකඩ බන්ධනාගාරය තුළට ජංගම දුරකථන සහ දුරකථන බැටරි රැගෙන යෑමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

බන්ධනාගාරය තුළට නිලධාරීන් ඇතුලුවන ස්ථානයේදී එම සෝදිසි මෙහෙයුම සිදුකර තිබුණි.

එහිදී එම බන්ධනාගාර නියාමකවරයා පාදවල මේස් තුළ ඒවා සඟවා තිබියදී සොයාගෙන ඇත.

එලෙස සොයාගෙන ඇත්තේ ජංගම දුරකථන 2ක්, දුරකථන බැටරි දෙකක් සහ දුම්කොළ කැබලි ග්‍රෑම් 233කි.

සැකකාර බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලීසිය වෙත භාරදීමට නියමතය.

මේ අතර බන්ධනාගාර රැඳවියන් සඳහා සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (05) සිට ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව එම වැඩසටහන ප්‍රථමයෙන් කොළඹ බන්ධනාගාරවලින් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *